රැලකින් තනිවී.......

මෙම ගීතය මා සිත්ගත් ගීත අතරින් සුවිශේෂි ගීතයකි. අප අතරින් වියෝ වූ අසහාය ගායකයකු වන අබේවර්ධන බාලසූරිය විසින් ගායනය කරන ලද "රැලකින් තනිවී වනමැද සරනා" ගීතය ආදරය සහ ගැහැණිය, සැබෑ ප්‍රේමයේ බලසම්පන්නකම, අපූර්වත්වය පිළිබඳ පිරිමියකු විසින් ගයන අති විශිෂ්ට ගීතයකි.

රැලකින් තනිවී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත්දළ යුවලක් වගේයි
මට ඔබගේ ප්‍රේමේ . .

හබල බිඳී ගොස්
පෙරලුනු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ

රැලකින් තනිවී . .

තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වනන්ට
මට දී රැකවරනා

රැලකින් තනිවී . .

ගායනය : අබේවර්ධන බාලසූරිය
ගී පද : ප්‍රේමකීර්තිද අල්විස්
සංගීතය : රෝහන වීරසිංහ

බාගත කිරීම මෙතනින්

මගේ ගැන

මම ප්‍රදීප්, පලාත ඌව, ගෙවල් මොනරාගල, තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරුවා මොරටුව සරසවියේදී, ඔයාලා වගේම සාමාන්‍ය කෙනෙක්, ජීවිතයේ අභියෝග වලට මුහුන දෙමින් අලුත් අත්දැකීම් ලබන්න කැමතියි, තොරතුරු තාක්ෂණ අංශයෙන් රටට වටිනා කියන වැඩක් කරන්න තමා මගේ බලාපොරොත්තුව